spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති මන්දිරයට ඇතුළු වෙන්න හැදූ අරගලකරුවන්ට වෙඩි තියන්න අණ දුන්නේ කවුද ?

කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි හමුදා ආරක්ෂාවක් මේ වනවිටත් යොදා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ස්ථාන දෙකම තවමත් පවතින්නේ අරගලකරුවන් පාලනයේයි.

එමෙන්ම යළිත් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම සඳහා හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බවට අද (10) පෙරවරුවේ තොරතුරු ලැබී තිබුණා.

මේ අතර කොටුව ජනාධිපති මන්දිරය ග්‍රහණයට ගැනීමට ඒ තුළට පිවිසි අරගලකරුවන්ට වෙඩි තබන ලෙස අණ දී ඇති නිලධාරියා සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අණ ලබා දී ඇත්තේ යුද හමුදා මාණ්‌ඩලික ශාඛා ප්‍රධානියෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ (09) දිනයේ දී ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමවලින් තරුණයෙකු බරපතළ තුවාල ලැබූ අතර තවත් පිරිසක් සුළු තුවාල ලබා රෝහල් ගත කළා.

මේ අතර ආරක්ෂක අංශ විසින් අරගලකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කරනු ලබන දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?