spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා. ඒ අද පැවැත්වෙන අයවැය විවාදයට එක්වීම සඳහායි.

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ වූ අතර එය ලබන දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වෙනු ඇති. ඒ අනුව අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම 13 වනදා පස්වරු 6ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අයවැය දෙවනර වර කියවීමේ ඊයේ පස්වරුවේ වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ දී පැවැත් වෙනවා.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව ,පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, දුෂණ විමර්ශන කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුලු ආයතන සම්බන්ධයෙන් වැය ශීර්ෂයන් ද අද විවාදයට ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?