spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති නොමැතිව එජාප මැයි රැළිය සුගතදාස ක්‍රීඩාංගනයේදී

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී “ජයගමු” යන තේමාවෙන් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය, තරුණ බලවේගය සහ පක්ෂයේ සියලු දෙනා එක්ව වැඩකරන ජනතාවගේ මැයි දිනය ලෙස මෙවර කම්කරු දිනය සමරන බවයි එජාප උප නායකවරයා සඳහන් කළේ.

අර්බුදයෙන් රට ගොඩ ගෙන නව මාවතකට ගෙන ඒමට මූලික වූ පක්ෂයක් ලෙස මෙවර එජාපය අභිමානවත් ලෙස මැයි දිනය සමරන බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේවෙතත් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ක්‍රියා කරන බැවින් මෙවර මැයි දිනයට සහභාගී නොවනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ප්‍රමුඛ එජාප නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙවර මැයි දිනය සංවිධාන කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?