ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල වෙබ් අඩවියට පිවිසීමේ යම් අපහසුතාවක් මේ වනවිට ඇති වී තිබෙනවා.
සමාජ මාධ්‍ය ජාලා මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ, මෙය සමාජ මාධ්‍ය ජාලා හැකර්වරුන් පිරිසක් විසින් සිදු කරන ලද්දක් බවයි.
කෙසේවෙතත් ඒ පිළිබඳ මෙතෙක් පිළිගත හැකි නිල නිවේදනය්ක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් හෝ විදුලි සංදේශ නියාමන කොමිෂම මගින් නිකුත් කර නැහැ.
මේ පිළිබඳ අප ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙකුගෙන් සිදු කළ විමසීමකදී, ඔහු කියා සිටියේ මෙය කෘත්‍රීම ව නිර්මාණය ( Artificial Traffic Generation) වන ලද දෙයක් බවයි.
කෙසේවෙතත් ගුවන් හමුදා සයිබර් අවකාශ මෙහෙයුම් කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














Such false fabrications are not suitable at this time. You need a RESIGN.
Mr. GOTABAYA, you thought that you can go to the USA and hide yourself with your family as a POLITUCAL ASYLUM OR hide out. You now understand that it is no longer possible because pf the court case hearing done to your long distant RELATION Jaliya Wickramasuriya. I know will be treated like another SADDAM HUSSAIN. You know what happened to SADDAM.