ජනපති නියමයෙන් සතිපතා රැස්වෙන ආර්ථික සභාවක්

සාමාජිකයින් 11දෙනෙකුගෙන් සමන්විත “ආර්ථික සභාව” සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

එම සභාවේ උපදෙස් හා මඟ පෙන්වීම් අනුව අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යාවස්ථාපිත ආයතන විසින් අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදුකිරීම ආර්ථික සභාවෙන් අරමුණු කෙරේ.

ඒ අනුව ආර්ථික සභාවේ රැස්වීම් සඳහා අවශ්‍ය පරිදි එක් එක් ක්ෂේත්‍රයන්හි විද්වතුන් කැඳවීමට ජනාධිපතිවරයා ගනු ලැබු තීරණයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ආර්ථික සභාවේ සංයුතිය පහත පරිදි වේ.

01. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (සභාපති)
02. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
03. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
04. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 
05. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ
06. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
07. වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ
08. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
09. ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්
10. භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල
11. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා

 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40