ජනපති නිකුත් කළ හදිසි නීති රෙගුලාසි ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

අරගලය පැවති සමයේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුනොවන බව නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එම හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මේ බව සඳහන් කර සිටියා.

මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත් වුණා.

ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පැවසුවේ අරගලය පැවති සමයේ රටේ නීතියේ ආධිපත්‍ය හා ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කළ බවයි.

රට තුළ ඇති වූ හදිසි අවශ්‍යතාවයක් සැලකිල්ලට ගෙන එම රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයාට සිදු වූ බවයි ඔහු පැවසුවේ.

එම රෙගුලාසි වල අඩුලුහුඩකම් පවතිනවා නොවේදැයි මෙහිදී විනිසුරුවරු විසින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පැවසුවේ එම කාරණය සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය අවශ්‍ය බවයි.

මෙහිදී විනිසුරු මඩුල්ල විසින්ජ රජයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ වගඋත්තර කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන දිවුරුම් ප්‍රකාශයට පරිබාහිරව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවයි.

එබැවින් නිශ්චිත නීතිමය රාමුව තුළ එම කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මෙහි දී විනිසුරු මඩුල්ල විසින් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 11 වනදා තෙක් කල් දැමුණා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන ආචාර්ය අම්බිගා සත්කුණ නාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න යන අය නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26