ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයයට නව ලේකම්වරයෙක් පත්කර ඇති බව වාර්තා වනවා.
ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා විසින් එම පත් කිරීම සිදුකර තිබුණා.
ඒ අනුව ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී තිබුණා.













