ජනපති ධුර කාලය සම්බන්ධව ගොනුකර ඇති පෙත්සම සලකාබැලීම අද

මැතිවරණ කොමිෂන් සභාවට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු ගොනු කළ පෙත්සම පස්දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (08) සලකා බැලීමට නියමිතයි.

ව්‍යවසායක දයාන් ලේනව විසින් ගොනු කර ඇති මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබාදෙන තුරු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(6) ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය නිසි පරිදි සංශෝධනය කර නොමැති බව පෙත්සම මගින් පෙන්වා දෙනවා.

මෙම පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ගන්නා තුරු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට මෙන්ම මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට මැතිවරණය පැවැත්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු මෙහිදී ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 06ක් බව තීරණය කරන ලෙසත්, මෙම කාලසීමාව අවසන් වීමෙන් පසු මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර ව්‍යවසායක දයාන් ලේනව විසින් ගොනු කර ඇති මෙම පෙත්සමට එරෙහිව තවත් පාර්ශ්ව කිහිපයක් අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට පසුගිය සතියේ කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51