ජනපති, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සහ මියන්මාර තානාපතිනිය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂාගේ උණුසුම් සුබපැතුම් පිළිගැන් වූ මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමග කෙටි කතා බහකට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

එමෙන්ම ශ්‍රි ලංකාවේ අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී දකුණු අප්‍රිකාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කරන සාම සහ ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදෙන බවද දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා එක්ව ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ ආරක්ෂක, තාක්ෂණ, කෘෂිකර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනයට දකුණු අප්‍රිකාවේ සහාය ලබාදෙන බව ද සැන්ඩිල් එඩ්වින් ස්කෝක් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් අතර හමුව ද අද (25) පෙරවරුවේ සිදු වුණා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුවත් කළ ජනාධිපතිවරයා සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ද පෙන්වා දුන්නා.

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී තානාපතිවරිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

ශ්‍රී ලංකාව සහ මින්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බව තානාපතිවරිය මෙහිදී පැවසුවා.

කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී තානාපතිනී මාලර් තාන් ටයික් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29