ජනපති ත්‍රිකුණාමලයේ IOC තෙල් ටැංකි හා ගබඩා පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කර ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අද (03) දහවල් ත්‍රිකුණාමලය ලංකා IOC තෙල් ටැංකි හා ගබඩා පර්යන්තයේ සහ තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට එක් වූ අවස්ථාවේදී යි.

දශක ගණනාවක සිට භාවිතයට නොගත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කරමින් ත්‍රිකුණාමල සංවර්ධන වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ත්‍රිකුණාමලය ඉන්දියානු ඔයිල් සමාගමේ තෙල් ටැංකි සහ ගබඩා පර්යන්තය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා විසිනුයි පිළිගනු ලැබුවේ.

එහි ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට එක් වූ ජනාධිපතිවරයා වෙත පර්යන්තයේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් ද සිදු කරනු ලැබුවා.

ඉන්දියානු ඔයිල් සමාගමේ ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කම්හල ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර වසරකට කිලෝ ලීටර් 18000ක ධාරිතාවකින් සමන්විත මෙමගින් රටේ ලිහිසි තෙල් ඉල්ලුම සපුරාලනු ලබනවා.

තෙල් ගබඩා පර්යන්තයේ පිහිටි අති නවීන විද්‍යාගාරය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කළ අතර මෑතකදී සංවර්ධනය කර ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය ග්‍රීස් නිෂ්පාදන කම්හල නැරඹීමට ද එක් වුණා.

වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000ක ධාරිතාවයකින් යුතු මෙම ග්‍රීස් නිෂ්පාදන කම්හල මගින් මෙරට සමස්ත ග්‍රීස් ඉල්ලුම සපුරාලීමට හා ග්‍රිස් ආනයනය සඳහා දැනට වැය වන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකියාව පවතිනවා.

රටේ බලශක්ති අවශ්‍යතාවය සෑම විටම ඵලදායීව සපුරාලීම සහතික කරමින් අවශ්‍ය සෑම අවස්ථාවකදීම අඛණ්ඩව ක්‍රියාත්මක වන ඉන්දියානු තෙල් සමාගමට අයත් බවුසර් රථ පිරවීමේ අංගණයේ පහසුකම් ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වී තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ ටැංකි සංකිර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කරනු ලැබුවා.

මේ අතර දෙවන ලෝක යුද සමයේ දී බෝම්බ ප්‍රහාරයට ලක්වූ තෙල් ටැංකි සංකීර්ණය දැක බලා ගැනීමට ද ජනාධිපතිවරයා එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අර්බුදකාරී කාලසීමාව තුළ රටට ඉන්ධන සැපයීම විධිමත්ව පවත්වාගෙන යාමට ඉන්දියානු ඔයිල් සමාගම කළ කැපවීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් වු අතර ජනාධිපතිවරයාගේ චාරිකාව සනිටුහන් කරමින් සමරු තිළිණියක් ද පිළිගන්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20