spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති ඩුබායි බලා පිටත් ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩුබායි හි පැවැත්වෙන “දේශගුණික විපර්යාස සමුළුවට” සහභාගී වීම සඳහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම සමුළුව අද සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හි දී පැවැත්වීමට නියමිත බවයි.

ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සමග මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ පිරිසක් ද දූත පිරිස ලෙස පිටත් ව ගොස් තිබෙනවා.

ඔවුන් අද උදෑසන 11.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?