ජනපති ට්‍රම්ප්ගේ නමින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් නම් කරයි

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඊයේ (09) දින සිට නිල වශයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (President Donald J. Trump Inteational Airport) ලෙස නම් කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ දී ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාර රොන් ඩේසැන්ටිස් අත්සන් කරන ලද විශේෂ පනතක් මගින් මෙලෙස ගුවන් තොටුපොළේ හි නම වෙනස් කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ගුවන් තොටුපොළේ නව නාමය යටතේ එහි ගොඩබස්වන ලද ප්‍රථම ගුවන් යානය බවට පත්වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුත් එරික් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ පිරිස රැගත් පෞද්ගලික ගුවන් යානයක් වීම ද විශේෂත්වයක්.

ට්‍රම්ප්ගේ ප්‍රකට ‘මාර්-ඒ-ලාගෝ’ (Mar-a-Lago) සුඛෝපභෝගී නිිකේතනය පිහිටා තිබෙන්නේ ද මෙම පාම් බීච් කලාපයේම වීම විශේෂත්වයක්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ (Mar-a-Lago) ලෙස හඳුන්වන සුඛෝපභෝගී නිිකේතනය පිහිටා ඇත්තේ මෙම ගුවන් තොටුපළ ආසන්නයේ යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42
Video thumbnail
කවුරුත් බේබද්දෝ නෑ මෙතන - ඇල්ලේ කුණු මෙහෙට එපා..මහලොකු මන්ත්‍රී - ගම වෙනුවෙන් එක වචනයක් නෑ
09:47
Video thumbnail
තද සුළං සමඟ ගාල්ලට ඇඳහැලුණු මහ වැස්ස
01:22
Video thumbnail
"මන්ත්‍රීකෙනෙක් වෙලා දෙකයි පනහේ වැඩ කරන්න එපා" - මාලිමා මන්ත්‍රීට ගම්මුන්ගෙන් විරෝධයක්
09:44