ජනපති ජය ශ්‍රී මහා බෝධිය වැද ආශිර්වාද ලබාගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා.

පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා බලා තිබෙනවා.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ඉදි කෙරෙන රථගාලේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා අටමස්ථානාධිපති නාහිමියන් සමග සාකච්ජා කර තිබෙනවා.

අනතරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා.

මෙවර 5 වසර ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් ‍පෙළ විභාගවලට පෙනී සිටින දරුවන් විශාල පිරිසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණ සිටි අතර, ජනාධිපතිවරයා ඔවුන්ගේ විභාග කටයුතුවලට ආශිර්වාද පළ කර තිබුණා.

එහිදී පැමිණි සිටි ජනතාව සමග ජනාධිපතිවරයා කතාබහක ද නිරත වී තිබෙනවා.

රුවන්වැලි මහා සෑ පුදබිමට ඊයේ (07) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47