ජනපති ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP:26) සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළඟාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. 

එරට වේලාවෙන් අද (30) ප.ව 12.40ට ග්ලාස්ගොව් අන්තර් ජාතික ගුවන්තොටුපොළට ළඟාවූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසිනි.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණදෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ. 

නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25,000ක පමණ පිරිසක් සහභාගී වේ.

එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40