ජනපති කොවිඩ් කමිටුව රැස්කරයි! අලුතින් තීරණ රැසක් ගනී – Covid Committee

කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබේ.

ඒ අනුව පවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

අද (25) අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ. ඒ අනුව අද (25) දින විවෘතව තැබිය හැක්කේ තෝරාගත් සිල්ලර වෙළෙඳ සැල්, ඖෂධ සැල්, මාළු, මස්, එළවළු, බේකරි නිෂ්පාදන වෙළෙඳ සැල් හා ඉන්ධන පිරවුම් හල් පමණි.

සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට පමණක් ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර හිමි වේ.

සංචරණ සීමා බල පැවැත්වෙන සහ ලිහිල් කෙරෙන කාල සීමාව තුළ සුරා සැල් සම්පූර්ණයෙන් වසා තැබිය යුතුය.

අද (25) නිවසින් බැහැර වීමේදී හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ ක්‍රමය ක්‍රියාත්මක නොවේ.

කිසිදු හේතුවක් මත වාහනවලින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳ සැල් වෙත ගමන් කළ නොහැකිය. 

– අද (25) රාත්‍රී 11.00 සිට මැයි 31 අළුයම 4.00 දක්වා නැවතත් පෙර පරිදි සංචරණ සීමා පැනවේ.

– මැයි 31 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

– මැයි 31 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 04 අළුයම 4.00 දක්වා බල පැවැත් වේ.

– ජූනි 04 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

– ජූනි 04 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 7 වන දින අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

– යුද හමුදාව සහ ගුවන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු දිනපතා නිරීක්ෂණය කරයි.

– සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ යෙදවේ.

– ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ දැනුම් දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 1965 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ට අළෙවි කරගත නොහැකි එළවළු අස්වනු රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

සංචරණ සීමා කාලය තුළ මාර්ගවල ධාවනය වන වාහන සැබවින්ම අත්‍යාවශ්‍ය සේවාද යන්න සෝදිසි මෙහෙයුම් පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇති. 

අද දිනයේ සංචරණ සීමා ලිහිල් කෙරුණ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47