ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ගැන විමල්, වාසු, ගම්මන්පිල තීරණයක් ගනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ඇමති වාසුදේව නානයක්කාර, හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ වෙනුවට ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයෙන් නියෝජිතයන් දෙදෙනකු පමණක් සර්ව පක්ෂයේ සමුළුවට යැවීමට තීරණය කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ ඊට සහභාගි වනු ඇතැයි දැනගන්නට ඇත.

එසේ වුවද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කර ඇත.

රටේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා පැවැත්වෙන අතර ,ඊට සහභාගි වන්නැයි ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇත.

ආණ්ඩුව සර්ව සර්වපාක්ෂික සමුළුවක් නමින් සාකච්ඡාවක් කැදවා ඇත්තේ අවංක වුවමනාවකින් නොවන බැවින්, ඊට සහභාගී නොවීමට වාසුදේව නානයක්කාර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල තීරණය කර ඇතැයි හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කර සිටියේ .

රට තුළ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකර සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ බොරුවට බවද ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින් - "අනේ පව්..ඇස් ඇරගෙන ඉන්නේ"
00:58
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40