ජනපති ඉදිරියේ දී ම ප්‍රසන්න – බැසිල් පැටලෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමාත්‍ය ප්‍රසන්න රණතුංගට බැණ වැදී ඇති බවට වාර්තා වනවා.

මෙම බැණ වැදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී ම සිදු ව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

එම පොහොට්ටු සාකච්ඡාවේ දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා ඇත්තේ අලුත් සන්ධානයට පොහොට්ටු සාමාජිකයින් බඳවා ගැනුණ ද, කිසිසේත්ම රාජපක්ෂවරු ඊට එක් කර නොගත යුතු බවයි.

එම අවස්ථාවේ දී මෙම වචන හුවමාරුව උණුසුම් අයුරින් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ ”ඔයාට අපිව එක පාරක් එපා නම්; අපිට ඔයාව සිය පාරක් එපා..!” යනුවෙන් බව ද වාර්තා වනවා.

මෙම හමුව පැවැත්වීමට නියමිත ව තිබී ඇත්තේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර ය.

නමුත්, ජනාධිපතිවරයා මෙම හමුව සඳහා පොහොට්ටු පක්ෂයේ ඔහුට හිතවත් ප්‍රසන්න රණතුංග ඇතුළ පාර්ශ්වයන් කිහිපයකට ද ආරාධනා කර තිබෙනවා.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් පාර්ශ්ව ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් සිය බලවත් අප්‍රසාදය ද පළ කර තිබෙනවා.

සාකච්ඡාව අතරතුරේ දී, රාජපක්ෂවරු නායකත්වය නොදරන, එනමුත් පොහොට්ටු පක්ෂයේ සහභාගීත්වය ඇති, පුළුල් සන්ධානයකට ඉඩදෙන ලෙසට ඉල්ලීමක්, සන්ධානය සමග එක්වීමට අපේක්ෂා කරන අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් ව ඇතැයි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබෙන බවත් සඳහන්.

මෙම අවස්ථාවේදීයි බැසිල් හා ප්‍රසන්න පැටලී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20