ජනපති අමෙරිකාවේදී දෙවන කතාවත් කරයි

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක්කිරීම ඉතා වැදගත් අතර ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන් එක්වී කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, තිරසර ආහාර පද්ධති යනු ශ්‍රී ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක් බවය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (23) නිව්යෝර්ක් නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අදහස් පළකර තිබේ.

අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම යන්න මෙවර එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ තේමාව වේ.

එම සමුළුවේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා විසින් සිදුකරනු ලැබීය.

කොවිඩ් වසංගතය, ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පැවැති දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් බවත් දේශගුණික විපර්යාසයන් සමග එම තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇති බවත් සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ලකරන රසායනික කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම රජය මෑතකදී ගත් පියවර තිරසර සංවර්ධනය පිළිබඳ වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සංධිස්ථානයක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

දීර්ඝකාලීනව රසායනික පොහොර සඳහා හුරුවූ ගෝවීන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීම දුෂ්කර වන අතර කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි දේශීයව නිෂ්පාදනය කිරීම අභියෝගයක් බව පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා තාක්ෂණික සහ ද්වී පාර්ශ්වික සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව සඳහන් කළේය.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහාය අගය කළ ජනාධිපතිවරයා අනෙකුත් ගෝලීය සංවිධාන හා විද්‍යාත්මක ආයතනවලින් ලැබෙන සහායටද සිය ස්තූතිය පිරිනමනු ලැබීය.

තම රටවැසි ජනතාවට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයින්ගේ අරමුණ වියයුතු අතර එහිදී මුහුණදීමට සිදුවන ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්වී කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14