ජනපති අපේක්ෂක ජනක රත්නායකගෙන් අල්ලස් අරන් – පක්ෂ සභාපති හා ලේකම් රිමාන්ඩ්

එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවක් ලබාදීම සඳහා මහජන උපයෝගතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත් බව කියන එම පක්ෂයේ සභාපති සහ ලේකම්වරයා යළි සැප්තැම්බර් 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළින ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

එම පක්ෂයේ හිටපු ලේකම්වරයකු වන 2015 ජනාධිපතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත් වූ රුවන්තිලක පේදුරුආරච්චි හා එම පක්ෂයේ සාමාජිකයකු වන නිහල් ප්‍රේමකුමාර යන සැකකරුවන් දෙදෙනා එසේ අද (27) යළි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති සෙසු සැකකරුවන් හට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඇප මත මුදාහැර ඇති සැකකරුවන් අතර නිත්‍ය ලේකම් මාටින් සරත්චන්ද්‍ර , කෘත්‍යධිකාර මණ්ඩලය සමාජිකයන් වන රංගන කුමාර, චන්දන සුගත්, නිල්මිනි පුෂ්පකුමාරි, නිලුශි සේනානායක , සහ සන්ධ්‍ය කුමාරි යන අය වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සැකකාරියක් ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉහත සඳහන් කළ සැකකරුවන් දෙදෙනා හැර සෙසු සැකකරුවන් රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ද පසුගිය 15 වනදා අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඉදිරි ජනාධිපතිවරණයට (2024) ඉදිරිපත්වීම සඳහා පසුගිය 14 වනදා ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එම අල්ලස් මුදල ලබාදීම සඳහා වැලිකඩ ප්ලාසා සාප්පු සංකීර්ණයට පැමිණෙන ලෙසට සැකකරුවන් පිරිස ජනක රත්නායකට දැනුම් දී ඇති බවත්, ඒ අනුව ජනක රත්නායක එම ස්ථානයට ගොස් අදාළ අල්ලස් මුදල් සැකකරුවන්ට ලබාදීමට උත්සාහ ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54