ජනපති අපේක්ෂකයින්ගේ විවාදය දිලිත්ගේ තනි සහභාගීත්වයෙන් ඇරඹේ – සජිත් සහ නාමල්ගෙන් පොලු (සජීවී)

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සිව්දෙනෙක් සහභාගීවීමට සිටි විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කෙසේ මෙම විවාදය සඳහා මේ වනවිට එක්ව සිටින්නේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පමණයි.

අද (07) දිනයේ පැවැත්වෙන මෙම විවාදයට ජනාධිපති ධුර අපේක්ෂකයින්වන සජිත් ප්‍රේමදාස මහතා, නාමල් රාජපක්ෂ මහතා සහ අරියනේත්‍රන් පාක්කියසෙල්වම් මහතා ද සහභාගීවන බවට තහවුරු කර තිබුණා.

කෙසේ වෙතත් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබූ විවාදය සඳහා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා සහ අරියනේත්‍රන් පාක්කියසෙල්වම් මහතා එම ස්ථානයට පැමිණ නොමැති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද විවාදයට පැමිණ නොමැති අතර, විපක්ෂ නායකවරයා මෙම විවාදය සඳහා නොපැමිණීම හේතුවෙන් ඔහු ද මෙම විවාදය සඳහා එක් නොවන බවටයි තොරතුරු අනාවරණය වුණේ.

රට ගොඩගන්නේ කෙසේද ? යන්න තේමාව ඔස්සේ පැවැත්වෙන මෙම විවාදය ‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කර තිබෙනවා.

විවාදය පහතින් සජීවීව නරඹන්න..

  1. මෙයට සම්බන්දවන ලෙස එකඟතාවයට පත් අනෙක් තිදෙනා මේ වනතුරු පැමිණ නැත.ඉතින් තව මොණ කතාද?ඒ අය කිසිවෙක් රාජ්‍ය පාලනය සඳහා සුදුස්සන් නොවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11