ජනපති අනුරගෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නුදුරේ දී ම

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම ගැන පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභා වාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමි වී තිබෙන බවයි.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම එළැඹෙන 21 වැනිදා ජනාධිපතිවරයා විසින් සිදු කර ලබනවා.

මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබනවා.

අතීතයේ මෙය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමින් වන අතර එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසින්.

පළමු වන පාර්ලිමේන්තුවේ එනම් නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමු වන සභාවාරය 1947 ඔක්තෝබර් 14 වන දින පවත්වනු ලැබුවා.

එය උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරන ලද්දේ ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන්
මුවර් මහතා විසින්.

එතුමා විසින් රාජාසන කථාව පවත්වන ලද අතර පාර්ලිමේන්තුව විසින් එය විවාද කොට ස්තුතිය යෝජනාව සම්මත කරනු ලැබුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව අනුව පවතින පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙනවා.

වාරාවසාන කිරීමකදී පාර්ලිමේන්තුව තුළ ඒ වන විට පැවති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභා ගර්භය තුළ සිදුවෙමින් පැවති සියලු ක්‍රියාවලියන් තාවකාලිකව නතරවීම සිදුවෙනවා.

එවැනි වාරාවසාන කිරීමකින් අනතුරුව නව සභාවාරය ආරම්භ වන අවස්ථාව උත්සවාකාරයෙන් විවෘත
කිරීම සිදු වනු ඇති.

නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමක් සිදු වනවා.

ඒ අනුව, දෙවැනි පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) තුන්වන සභාවාරය දෙවැනි එලිසබත් මහ රැජිණ විසින් විවෘත කිරීම විශේෂත්වයක්.

1954 අප්‍රේල් 12 වැනි දින එතුමිය විසින් උත්සවාකාරයෙන් සභාවාරය විවෘත කරනු ලැබුවා.

එහිදී රාජාසන කථාව රැජිණ විසින් කියවන ලද අතර එය පිළිබඳ විවාදයක් පැවැත්වුණේ නැහැ.

1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග නව සභාවාරයක් ආරම්භයේදී රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම ඇරඹුණා.

වත්මන් ක්‍රියාදාමය අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය
පිළිබඳව විවාද හෝ ඒ පිළිබඳ ඡන්ද විමසීමක් සාමාන්‍යයෙන් සිදු වී නැහැ.

ඒ අනුව 1978 සැප්තැම්බර් 07 වැනිදා පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලි‌මේන්තුවේ මංගල රැස්වීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ප්‍රථම වරට ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12