පළමු දිනයේම අපේක්ෂකයින් 04ක් ඇප මුදල් තැන්පත් කරලා (වීඩියෝ)

මැතිවරණ කොම්ෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වීම නිවේදනය කළ අද (26) දිනය තුළ දී මැතිවරණය සඳහා අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

මැතිවරණ කොම්ෂන් සභාව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඒ, අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස අද දිනයේ ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

ඊට අමතරව සරත් කීර්තිරත්න මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත්කර ඇති අතර, ඕෂල ලක්මාල් අනිල් හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණෙන් මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත්කර ඇති බවයි මැතිවරණ කොම්ෂන් සභාව දැනුම් දුන්නේ.

එමෙන්ම එස්.ඒ.පී. ලියනගේ මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අද දිනයේ ඇප මුදල් තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.

2024 ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙන බව ගැසට් පත්‍රයක් මඟින් මැතිවරණ කොම්ෂන් සභාව අද දිනයේ නිවේදනය කළා.

ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින්ට ඇප මුදල් තැන්පත් කිරීම අද (26) දිනය සිට අගෝස්තු 14 වනදා දක්වා සිදුකළ හැකියි.

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වන බ්‍රහස්පතින්දා දිනයේදීයි.

WhatsApp Image 2024 07 26 at 4.32.50 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48