ජනපතිත් සිංහල සිනමාවේ නිළි රැජිනට අවසන් ගෞරවයට එක්වෙයි (වීඩියෝ)

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වූවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත ඊයේ (25) රාත්‍රියේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටි බවයි.

මේ අතර එම අවස්ථාවට එක්ව සිටි කලාකරුවන් සමඟද සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකේය සිනමාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබූ සන්නාමය වූ කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ සිය සංවේගය කලා ක්ෂේත්‍රයේ සියලු දෙනා වෙත පළ කළා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26