ජනපතිට දෝෂාභියෝගයක් ගෙන එන බවට වාසු අනතුරු අඟවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අනතුරු අඟවනවා.

අද පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ පවුල් ලක්ෂ 35කට ආසන්න පිරිසකගේ ජීවනෝපාය විනාශ වීමට හේතුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බවයි.

මූල්‍ය ආධාර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති නිර්ණායක සපුරාලීමෙන් පසු ජීවන වියදම පහත වැටී ඇති බවට රජය ප්‍රකාශ කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ සතුරෙකු ලෙස සලකන අතර තවදුරටත් එසේ වුවහොත් ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමට පසුබට නොවන බවටයි මන්ත්‍රී වාසුදේව නානායක්කාර අනතුරු අඟවනු ලැබුවේ.

මෙරට ලක්ෂ 52ක් පමණ වන පවුල්වලින් ලක්ෂ 35ක පමණ පවුල් සංඛ්‍යාවකට ජීවනෝපාය අහිමි වී ඇති බව ද මන්ත්‍රී වාසුදේව නානායක්කාර පෙන්වා දෙනවා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් රජයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට වන සැකය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කරන බවයි ඔහු කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02