ජනපතිගේ පුංචි ගෙදර ළඟ විරෝධතා කිරීම ගැන හරිම දුකයි

අධික මුදලක් වැයකර ජනාධිපති මන්දිරය පාවිච්චි නොකරන ජනාධිපතිගේ පුංචි නිවස ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කණගාටුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයේ වියදම සඳහා බිලියන ගණන් මුදල් වෙන්කර තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ බිලියන 1.5 ක් රටට ඉතුරු කළ බව කී අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයාට පරිවාරක රථ 25 ක් පාවිච්චි කරන්නට පුළුවන්කම තිබියදී වාහන තුනක් පමණක් පාවිච්චි කරන බවද සඳහන් කළේය.

දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් තහවුරු වෙලාදැයි කිවහොත් ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණය කරන්න තරම් රටේ ජනතාවට අයිතියක් තිබෙන බවද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරද්දී තුට්ටු දෙකේ වැඩ කටයුතු කරන විපක්ෂය ජනාධිපති පෞද්ගලික නිල නිවසට ගොස් විරෝධතා පැවැත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු පසුව රටේ නව දේශපාලන සංස්කෘතියක් බිහි වූ බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24