spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ප්‍රකාශයට විදුලි ඉංජිනේරුවන්ගේ විරෝධය – ජනාධිපති කාර්යාලයටත් අද ලිපියක්

විදුලි ඉංජිනේරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණ ඉංජිනේරු සහ අධිකාරී සංගමය විරෝධය පළ කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ගල් අඟුරු සහ ෆොසිල ඉන්ධන හරහා කොමිස් ලබාගන්නා බවට ජනාධිපතිවරයා පසුගිය දා (13) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එම ප්‍රකාශයට විරෝධය පළකරමින් අද (15) දිනයේ විශේෂ ලිපියක් ජනාධිපති කාර්යාලයට භාරදෙන බවයි එම සංගමය සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීමටත්, ලංවිම ඉංජිනේරුවන් ප්‍රතිපත්ති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කර ඇති බව ඉස්මතු කිරීමටත් අදාළ ලිපිය යොමු කරන බවයි වාර්තා වන්නේ.

පරස්පරතා ඇත්නම් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුන් අදාළ ලිපිය මඟින් ඉල්ලා සිටින බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?