ජනපතිගේ ඇරයුමට විපක්ෂය පිටුපෑම පහත් ක්‍රියාවක් – ශෙහාන් සේමසිංහ

ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාව සඳහා විපක්ෂය සහභාගී නොවීමට ගත් තීරණය ඉතා පහත් ක්‍රියාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අද (10) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විපක්ෂයක් සෑම විටම රජයේ මතයට එකඟ විය යුතු නැතිවුව ද වගකියන විපක්ෂයක කාර්යභාරය වනුයේ රටක් කිසියම් අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවේ දී රට බේරාගැනීම සඳහා කටයුතු කිරීම බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

රටේ ජාතික අවශ්‍යතාවය සලකා බලා රජයට සහයෝගය ලබාදීමට කැමති මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් විපක්ෂයේ සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

හෙට (11) දිනයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරාධනයක් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06