spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ඇරයුමට විපක්ෂය පිටුපෑම පහත් ක්‍රියාවක් – ශෙහාන් සේමසිංහ

ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාව සඳහා විපක්ෂය සහභාගී නොවීමට ගත් තීරණය ඉතා පහත් ක්‍රියාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අද (10) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විපක්ෂයක් සෑම විටම රජයේ මතයට එකඟ විය යුතු නැතිවුව ද වගකියන විපක්ෂයක කාර්යභාරය වනුයේ රටක් කිසියම් අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවේ දී රට බේරාගැනීම සඳහා කටයුතු කිරීම බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

රටේ ජාතික අවශ්‍යතාවය සලකා බලා රජයට සහයෝගය ලබාදීමට කැමති මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් විපක්ෂයේ සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

හෙට (11) දිනයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරාධනයක් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?