ජනපතිගේ අපේක්ෂාව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති කියයි

භාණ්ඩ මිල පාලනය කර නිෂ්පාදනය වැඩි කරමින් සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

භාණ්ඩ මිල වැඩිවීම රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපාන කරුණක් බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ලබන වසරෙහි පළමු කාර්තුව තුළ එහි සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි සඳහන් කළේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව කියාසිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ 2024 අයවැය ලේඛනය පිළිබඳ විවිධ කතිකාවන් නිර්මාණය වී තිබෙනවා. එහිදී මා විසින් නියෝජනය කරන ස්වදේශ කටයුතු විෂයට අදාළව රාජ්‍ය සේවකයින්ට බලපානු ලබන විවිධ ගැටලු, වේතනයන් පිළිබඳව සහ උද්ධමනය සමඟ ජීවත්වීමට ඇති අපහසුතා පිළිබඳ අවධානය යොමු කෙරුණා.

බඩු මිල වැඩිවීම සහ උද්ධමනය රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපා තිබෙනවා. එය වැටුප් වැඩි කිරීමකින් පමණක් විසඳීමට නොහැකියි.

නමුත් ජනතාව පත්ව සිටින පීඩනය පිළිබඳව රජයක් ලෙස අප සංවේදී විය යුතුයි. ඒ අනුව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. ඒ වගේම 2024 අයවැය මගින් විශ්‍රාමිකයින්ට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ දැමීම ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ රැසක් ඉහළ දමා තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අලුතින් අයදුම්කරන අයෙකුට එය ලබා ගැනීමට මෙතෙක් මාස තුනක පමණ කාලයක් ගතවුණා. නමුත් අප එම කාලය සතියක් හෝ දෙකක් දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

භාණ්ඩ මිල පාලනය කරමින් නිෂ්පාදනය වැඩි කර සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ වනවා. 2024 අයවැය අනුව ද ලබන වසරෙහි පළමු කාර්තුව තුළ භාණ්ඩ මිලෙහි සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම, නව විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීම මෙන්ම අබලන් වූ මාර්ග පද්ධතිය යළි සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙවර අයවැයේදී අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද වෙන් කර තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් සංවර්ධන වීමට අවශ්‍ය පදනම මෙවර අයවැයෙහි ඇතුළත් බව සඳහන් කළ යුතුයි. මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24