ජනපතිගෙන් බැංකු දෙකකට උපදෙස්

වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා සහ මහජන බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.

තරගකාරී ලෙස වී මිලදී ගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක වියයුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අද (04) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලයට මෙට්‍රික් ටොන් 315,000ක සංචිතයක් පවත්වාගෙන යාමේ ධාරිතාවක් තිබේ. 

එය ලක්ෂ 04ක දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ගතවූ දෙවසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ ගබඩා සංඛ්‍යාව 315කි.

ඉතිරිව ඇති ගබඩා 35 ද කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

වී මිලදී ගැනීම කඩිනම් කිරීම සඳහා සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් ලෙස උපාධිධාරීන් 40 දෙනෙකු සහ ගබඩා කටයුතු සඳහා බහුකාර්ය නිලධාරීන් 200 දෙනෙකු වහාම අනියුක්ත කිරීමට තීරණය කෙරිණ.

වී ගබඩා ආරක්ෂාව සඳහා අලි වැට ඉදි කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බයික් පෙරහැරක් මැදින් ගැම්මෙන් පුත්තලමට ගිය හැටි
01:27
Video thumbnail
හිටපු පොලිස්පති CD වික්‍රමරත්නට අත්වුණු ඉරණම ගැන දුක්වුණු හිටපු කථානයක..
00:24
Video thumbnail
සනත් ජයසුරියත් හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
00:53
Video thumbnail
දුක බෙඳාගන්නට තනිවම ආපු හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න...
00:54
Video thumbnail
මහ පාන්දර ගෝල් ෆේස් එක හොල්ලපු පාපන්දු උන්මාදය
03:29
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21
Video thumbnail
සුන්දර ඇල්ල නගරය තවත් ලස්සන කළ කොල්ලෝ කෙල්ලෝ
02:28
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරමින් අවසන් ගෞරව දැක්වූ හිටපු මාධ්‍ය ප්‍රකාශක...
00:32
Video thumbnail
හැරගිය මිතුරා වෙනුවෙන් සංවේදී වුණු අර්ජුන රණතුංග..
00:29
Video thumbnail
හිටපු පොලිස්පතිට සමුදෙන්න ආ පොළොන්නරුව SSP සංවේදී වෙයි
01:11