ජනපතිගෙන් පොලිස්පතිට නියෝගයක්

කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර ප්‍රදේශයේ “ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවට අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහනායක හිමිවරු හා දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා විසින් සිදු කරන ලද දැනුම්දීමට අදාළව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම විමර්ශන වහාම ආරම්භ කළ බවත්, සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් දෙකක් මේ වන විටත් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි “බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ” කාර්යභාරයට බැඳි සිටින රජය විසින් වහා කරුණු පරික්ෂා කොට, ආරම්භයේදීම මෙවන් ක්‍රියාවන් වළක්වාලීමට කටයුතු කිරීම බුදුදහමේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය පිණිස හේතුවන බවත්, මේ සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මල්වතු – අස්ගිරි උභය මහා විහාරාධිපතිහිමිවරු සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16