ජනපතිගෙන් නැවුම් බලාපොරොත්තුවක්

කොරෝනා වෛරසය හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට පවසා සිටින්නේ සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන ලෙසයි. ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ අදහස් දැක්වීය.  ප්‍රමුඛ පෙළේ ව්‍යාවසායකයෝ සහ ක්ෂේත්‍රයට අදාළ රේඛීය ආයතන ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

කොරෝනා මර්ධන එන්නත ලබාදීමේ දී හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන් හා රියැදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම සදහා සාකච්ඡා වී තිබේ.කොග්ගල පවත්වාගෙන යන රෝහල වෙත ආසාදිත සංචාරකයන් ලංකා හොස්පිටල් (පුද්) වෙත සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යොමු කිරීමට ද තීරණය විය. සහන රජයෙන් ලැබී ඇති බැවින් නිසි සැලසුම් ඔස්සේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන බව ව්‍යවසායකයෝ පැවසූහ.මෙම කොරෝනා සමයේ පැමිණි සංචාරකයන් අතුරින් ආසාදිත සංචාරකයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 1% කට අඩු බවත් කොවිඩ් මර්ධන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවීමේ වාසිය සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත හැකි බවත්,ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් ක‍ළේය.

මෙම සාකච්ජාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,  ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු, සංචාරක කරමාන්තයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ එකතුවී සිටිහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20