ජනපතිගෙන් උපදෙසක්

එලඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70ක මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ,

“අපේ රටේ සමාගම් 3ක් බිලියන 100ක් අවුරුද්දකට පොහොර ආනයනය කරනවා. එතකොට තුන්දෙනෙකුට බිලියන 100ක් යන මුදලකට තමයි මේ ගැටුම යන්නේ. මේ සියල්ල සංවිධානය කරන්නේ රසායනික පොහොර සමාගම්. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට එකතු වෙලා. වැඩි නායකත්වයක් තියෙන්නේ ජවිපෙන්. ඊළඟ කන්නයේ වී කිලෝඑක රුපියල් 70 දක්වා වැඩිකරනවා රජයේ මිල. කාබනික කෘෂිකර්මාන්තය නිසා. ජනාධිපතිතුමා තීන්දු කරලා තියෙනවා.”

කෙසේවෙතත් ගොවි අරගල මධ්‍යස්ථානය පවසන්නේ කාබනික පොහොර භාවිතයෙන් සිදුවන වගා හානි සඳහා ලබාදෙන වන්දි සම්බන්ධයෙන් චක්‍රලේකයක් මගින් නිකුත් කරනතුරු වගාවෙන් ඉවත් වන බවය.

මැදිරිගිරිය කවුඩුල්ල ගොවි ජනපදයේ ගොවීන් මෙවර මහ කන්නය සඳහා රජයෙන් ලබාදුන් උපදෙස් අනුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ.

නමුත් එලෙස නිෂ්පාදන කළ පොහොර මේ වනවිටත් දිරාපත් නොවීම හේතුවෙන් එම පොහොර ගොවිතැන් කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි බව ගොවීන් පෙන්වා දෙයි.

මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නිකවැව ගොවීන් යල කන්නයේ අතුරු බෝග ලෙස වගාකළ ගොඩ බෝගයන් රසායනික පොහොර නොමැතිකමින් විනාශ වෙමින් පවතින බවට චෝදනා කරයි.

ගොවීන් පෙන්වා දෙන්නේ කෘමිනාශක නොමැතිවීම හේතුවෙන් එම වගාවන් සියල්ල කෘමි උවදුරුවලට සහ දිලීර රෝගවලට නතුවෙමින් පවතින බවය.

පවතින තත්ත්වය හමුවේ තම වගාවෙන් නෙලා ගන්නා ඵලදාව අලෙවිකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ගොවීන් පවසයි.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොහොර ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (16) රාත්‍රියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.

අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ නිවසේදී එම සාකච්ඡාව පවත්වා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12