ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරීමේ දී අය කෙරෙන ගාස්තු ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මෙම ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක ආයතනයක් පළමු වරට ලියාපදිංචි කිරිමේ දී මෙතෙක් පැවැති රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 35,000කින් ඉහළ නංවා තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ එහි නව ගාස්තුව රුපියල් 50,000ක් බවයි.

මීට අමතරව ලියාපදිංචිය අළුත් කිරිමේ ගාස්තුව ද රුපියල් 10,000 සිට 25,000 දක්වා රුපියල් 15,000කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අදාළ බලපත්‍රය කල්ඉකුත් වී පළමු මාසය තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 10,000ක් ලෙසත් බලපත්‍රය කල් ඉකුත් වී දින 31ත් 90ත් තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 25,000ක් ලෙසත් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

දින 90න් පසු ප්‍රමාද ගාස්තුව රුපියල් 35,000ක් ලෙසත් සංශෝධනය කර තිබෙනවා.

මෙම සංශෝධන පසුගිය පෙබරවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක විය යුතු බවට ද එම ගැසට් නිවේදනයේ සදහන්.

Special Gazette scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51