ජනතාව දෑත් එක් කර ජනපතිට අගමැතිට වැඳිය යුතුයි..- කුට්ටිආරච්චි

රටේ ජනතාවගේ ජීවිත බේරාදුන් ජනාධිපතිට අගමැතිට දෑත් එකතු කර වැඳ පිං දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතයෙන් ලෝකයම බැට කන වෙලාවක ලොව රටවල් සමඟ සාකච්ඡා කර මෙරට සියලුම ජනතාවට එන්නත් ලබා දී මෙරට ජීවිත සුරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන්ට එම ගෞරවය හිමිවිය යුතු බව ද ඔහු පැවසීය.

හලුතලේ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ අදහස් පළ කරන ලදී.