ජනතාවට සහන ලැබෙයිද? – මුදල් ඇමතිගෙන් ලැබුණු අපුරු පිළිතුර

රජය විසින් මෙතෙක් ගෙනගිය ක්‍රියාදාමයෙහි යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කරගනිමින් රට ගොඩනැඟීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනිමෙන් පසු අමාත්‍යවරයා බෙල්ලන්විල විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත පැමිණි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පළමුව විහාරාධිපති හිමියන් බැහැදුටුවේය.

ආගමික වතාවත්වලට එක්වෙමින් අමාත්‍යවරයා ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවය.

සංඝරත්නය සෙත් පිරිත් සජ්ඤ්ඣායනා කොට අමාත්‍යවරයාට මෙහිදී ආශිර්වාද කරනු ලැබීය.

ප්‍රශ්නය – ඇමතිතුමා පසුගිය දවස්වල බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියානම් ඉන්ධන මිල මේ විදියට වැඩිවෙන්නේ නෑ කියලා කිව්වා. ඉතින් ඔබතුමා ඒ සහනය දෙන්න බලාපොරොත්තු වෙනවා ද?

“හිටියා නම් වෙන්නේ නෑ කියලා නේ. ඒ වගේ තමයි වැසි වැස්සොත් ගඟ ගලයි.“

ප්‍රශ්නය – පොඩි සහනයක් දෙන්න බැරි ද එතකොට ?

“අපි පුළුවන් තරම් උත්සහ කරනවා. නමුත් සමස්ත ආර්ථිකය ගැන බලලා ඒ ගැන තීන්දුවක් ජනාධිපතිවරයා ගනී කියලා අපි හිතනවා.“

ප්‍රශ්නය – ජනතාව සහන දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ ?

“සහන දෙන්න වගේම හුඟාක් මහන්සි වෙන්න ඕනේ.“

ප්‍රශ්නය – පොහොර උද්ඝෝෂණ එහෙම හතර වටේම යනවා ඇමතිතුමා මේ සම්බන්ධව කොහොම ද ගන්න ක්‍රියාමාර්ගය ?

“සැලසුම් කිව්වහම වැඩක් නෑනේ. සැලසුම් කියනවා ට වැඩිය ප්‍රතිඵල කියන එක තමයි අපේ පක්ෂයේ ත් ආණ්ඩුවෙත් ප්‍රතිපත්තිය. අපේ ප්‍රතිඵල ටික ජනතාව වෙනුවෙන් ලබාදෙනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42