ජනතාවට කොවිඩ් අමතක ද ?

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කළ අඛණ්ඩ සංචරණ සීමා අද (21) අලුයම 04.00ට ඉවත් කෙරුණි.

මසක් පුරා පැවති සංචරණ සීමා ඉවත් කළ පසු අද දිවයිනේ බොහෝ ස්ථානවල ඉහළ ජනතා ඒකරාශීවීමක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසීය. 

කෙසේ වෙතත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව බලපැවැත්වේ.

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අද පෙරවරුවේ කොළඹට පිවිසෙන ප්‍රධාන පිවිසුම් ඔස්සේ රථ වාහන විශාල සංඛ්‍යාවක් කොළඹට ඇතුළු වූ බව වාර්තා වේ.

ඒ හේතුවෙන් බොහෝ පිවිසුම් ආශ්‍රීතව දක්නට ලැබුණේ දැඩි රථ වාහන තදබදයකි. 

කෙසේ වෙතත් අද පෙරවරුවේ සංචරණ සීමා ඉවත් කෙරුණද කොළඹ කොටුව ආශ්‍රීත ප්‍රදේශ ජනාකීර්ණ වී තිබුණේ නැත.

බස්නාහිර පළාත තුළ පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවක සේවිකාවන් ප්‍රවාහනය සඳහා පමණක් යොදවා තිබු පසුබිමක එම සේවා ප්‍රමාණවත් නොවිම සහ ප්‍රමාදවීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් චෝදනා කළහ. 

කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත අභ්‍යන්තරයේ ධාවනයට සැලසුම් කර තිබු දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 23 දක්වා වැඩි කර ඇති බවය.

මේ අතර මසක කාලයක් පැවති සංචරණ සීමා ඉවත් කිරිමෙන් පසු දිවයිනේ සෙසු පළාත්වල ජනතාවද සිය අවශ්‍යතා ඉටුකරගැනීමට නගරවලට පැමිණ සිටි බව අප වාර්තාකරුවන් පැවසීය.

එසේ පැමිණි ජනතාව බොහෝ පිරිසක් නිසි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන් පිළිපදින ආකාරයක් දක්නට ලැබුණේ නැති බව වාර්තා වේ.

බැංකු හා මුල්‍ය ආයතන ඉදිරිපිටද, රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ඉදිරිපිටද අද පෙරවරුවේ දිගු පෝලිම් දක්නට ලැබුණි.

දිවයින පුරා බොහෝ වෙළෙඳසැල් අසල වැඩි ජනතා ඒකරාශීවිමක් දක්නට ලැබුණි.

මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද යළි විවෘත කළේය.

කෙසේවෙතත් ඒවායේ එළවළු මිල ගණන් ඉතා ඉහළ අගයක පැවතිනි.

නාගලගම්විදිය පොදු වෙළෙඳපොළ තුළ වෙළෙඳාම් කිරිමට පොලිසිය ඉඩලබා නොදීම හේතුවෙන් අද එම ජනතාව වෙළෙඳපොල ඉදිරිපිට පදික වේදිකාවේ සිය වෙළෙඳාම් සිදුකළේය.

පිටකොටුව තොග වෙළෙඳසැල්ද අද පෙරවරුවේ වෙළෙඳ කටයුතු සඳහා විවෘත කෙරුණු අතර එම ප්‍රදේශය ආශ්‍රීතව සිටි බොහෝ ජනතාව මුහුණු ආවරණ නිසි ලෙස පැලඳ සිටියේ නැත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයද සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අද පෙරවරුවේ වෙළෙඳ කටයුතු සඳහා විවෘත වු අතර වෙළෙඳුන් තවදුරටත් චෝදනා කරන්නේ මත්ස්‍ය අලෙවිය ඉතා අඩු මට්ටමක පවතින බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53