ජනක රත්නායක බයකර කප්පම් ගත් තිදෙනෙක් අල්ලයි

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම ව්‍යාපාරිකයෙකු වන ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

ඩුබායි රටේ සැඟව සිටින ‘බ්ලූමැන්ඩල් සංඛ’ නමැත්තා නමින් දුරකථන ඇමතුම් ලබා දී එම කප්පම් මුදල් ලබාගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය මස 16 වනදා පෙරවරු 7.10ත් 9.00ත් අතර කාලයේ දී බ්ලූමැන්ඩල් සංඛ යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයකු තමන්ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත්, එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බව දුරකථනයෙන් පවසා එම මුදල් ඉල්ලූ බව ජනක රත්නායක පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්.

එකී ඇමතුම අනුව පැමිණිලිකරුවන ජනක රත්නායක තම කාර්යාලයේ ඇති මුදල්වලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් තමන්ට ඇමතුම් ලබාදුන් පුද්ගලයා වෙත ලබාදෙන ලෙසට සේවකයෙකුට දැනුම් දී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ඒ, අනුව එම සේවකයා විසින් ජනක රත්නායක ලබාදුන් විස්තරවලට අනුව කිරුළපන පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකුට අදාළ රුපියල් ලක්ෂ 15ක මුදල ලබා දී තිබෙනවා.

ජනක රත්නායක විසින් ඒ සම්බන්ධයෙන් කිරුළපන පොලිසියට පැමිණිලි කර අනතුරුව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් තිදෙනා කුරුණෑගල සහ රඹුක්කන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරුවන් කප්පම් මුදල් බැර කිරීම සඳහා පරිහරණය කළ රඹුක්කන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට අසීමිත ලෙස මුදල් බැර වීම හේතුවෙන් බැංකුව මඟින් එම ගිණුම අත්හිටුවා ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

ඒ, හේතුවෙන් මෙම කප්පම් මුදල් සැකකරුවන් තම අතට ලබාගෙන තිබූ බව පොලිසිය පවසනවා.

එකී කප්පම් මුදල් ලබාගැනීම සඳහා සැකකරුවන් කුලී පදනම මත මෝටර් රථයක් ලබාගෙන තිබූ බවට අනාවරණය වී තිබූ අතර, ලැඟුම්හල් කීපයක නවාතැන් ගෙන තිබූ බවත් ඒ සඳහා තවත් කීපදෙනකු ද සම්බන්ධ බවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රධානපෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම් පවසා කප්පම් ගැනීමේ ජාවාරමක් කලක සිට සිදුකරගෙන ගොස් ඇත්ද නැතහොත් මොවුන් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ ගෝලයින් ද යන්න සොයා විමර්ශන පවත්වන බව පොලිසිය පැවසුවා.

දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මෙම සැකකරුවන් 24 සහ 31 යන වයස්වල පසුවන රඹුක්කන සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00