spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජගත් සංවිධානය ලෝක ප්‍රජාවගෙන් කළ ඉල්ලීම

මියන්මාරයට ආයුධ සැපයීම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරමින් යෝජනාවක් ද සම්මත කරගෙන තිබෙනවා.

ඒ, ඊයේ (18) පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසිවාරය අතරතුරයි.

ඉකුත් පෙබරවාරි මාසයේදී එරට තේරී පත් වූ රජය පෙරළා දැමූ මිලිටරි ජුන්ටාව හෙළා දකිමින් මහා මණ්ඩලය විසින් මෙම යෝජනාව සම්මත කර ගෙන තිබෙනවා.

එයට රටවල් 119 ක සහාය ලැබුණු අතර එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එකම රට වන්නේ බෙලාරුස්.

මියන්මාර හමුදාවේ විශාලතම අවි සැපයුම්කරුවන් දෙදෙනා වන රුසියාව සහ චීනය ඇතුළුව තවත් රටවල් 36 ක් තම මතය ප්‍රකාශ කරමින් වැළකී සිටියා.

ඒ අනුව තේරී පත් වූ නායිකා අවුන් සාන් සූ කී වැනි දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙසත් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි හිංසනය අවසන් කරන ලෙසත් එක්සත් ජාතීන් මියන්මාර හමුදා පාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?