ජගත් සංවිධානය ලෝක ප්‍රජාවගෙන් කළ ඉල්ලීම

මියන්මාරයට ආයුධ සැපයීම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරමින් යෝජනාවක් ද සම්මත කරගෙන තිබෙනවා.

ඒ, ඊයේ (18) පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසිවාරය අතරතුරයි.

ඉකුත් පෙබරවාරි මාසයේදී එරට තේරී පත් වූ රජය පෙරළා දැමූ මිලිටරි ජුන්ටාව හෙළා දකිමින් මහා මණ්ඩලය විසින් මෙම යෝජනාව සම්මත කර ගෙන තිබෙනවා.

එයට රටවල් 119 ක සහාය ලැබුණු අතර එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එකම රට වන්නේ බෙලාරුස්.

මියන්මාර හමුදාවේ විශාලතම අවි සැපයුම්කරුවන් දෙදෙනා වන රුසියාව සහ චීනය ඇතුළුව තවත් රටවල් 36 ක් තම මතය ප්‍රකාශ කරමින් වැළකී සිටියා.

ඒ අනුව තේරී පත් වූ නායිකා අවුන් සාන් සූ කී වැනි දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙසත් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි හිංසනය අවසන් කරන ලෙසත් එක්සත් ජාතීන් මියන්මාර හමුදා පාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56