spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජංගම දුරකථන මිලත් හෙට සිට 35%කින් ඉහළට

හෙට (01) දිනයේ සිට ජංගම දුරකථනයක මිල 35%කින් ඉහළ යන බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

වැට් බදු ඉහළ දැමීම ඇතුළු තවත් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි අද (31) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ.

මේ අතර ජංගම දුරකථන අලෙවිකරනු ලබන ආයතන ලබන වසරේ සිට වැට් ලියාපදිංචිය අනිවාර්ය කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙවැනි තත්ත්වයක් තුළ ලබන වසරේ සිට ජංගම දුරකථන අලෙවිය 50% කින් පමණ අලෙවිය අඩුවනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විදෙස් රටවලින් රට තුළට නීති විරෝධී ලෙස ජංගම දුරකථන ගෙන ඒම ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් තම ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?