ජංගම දුරකතන යෙදවුම් 14ක් අවහිර කෙරේ

ජම්මු කාශ්මීර් වෙත තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා පාකිස්තානයේ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ජංගම යෙදුම් දුරකතන 14ක් ඉන්දීය රජය විසින් අවහිර කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම යෙදුම් අතර Crypviser, Enigma, Safeswiss, Wickrme, Mediafire, Briar, BChat, Nandbox, Conion, IMO, Element, Second line, Zangi, Threema ඇතුළත් වන අතර මෙම යෙදුම් කාශ්මීරයේ ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ආධාරකරුවන් සහ ගොඩබිම් සේවකයින් (OGW) සමඟ සන්නිවේදනය කිරීමට භාවිතා කරන බව‍යි වාර්තා වී ඇත්තේ.

මීට පෙර ඉන්දියාවේ ආරක්ෂාව, රාජ්‍යයේ ආරක්ෂාව සහ මහජන සාමයට අගතියක්” බවට චෝදනා කරමින් ඉන්දීය රජය විසින් චීන යෙදුම් රැසක් ද තහනම් කර තිබෙනවා.