ඡන්ද මධ්‍යස්ථාන තුළ නොමනා වැඩ කළ දෙදෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිත කිරීමේ හොඳ ප්‍රවනතාවක් දක්නට ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

අද (21) දහවල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඡන්දය සලකුණු කිරීම ඡායාරූප ගත කළ මීටියාගොඩ ප්‍රදේශයේ පුදගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම යාපනය ප්‍රදේශයේ ඡන්දදායකයෙක් ඡන්ද පත්‍රිකාවෙන් කොටසක් රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වී ඇති බව ද කොමසාරිස්වරයා සඳහන් කළා.

අද (21) පස්වරු 7.00 පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට හැකියාව පවතින බව සඳහන් කළ ඔහු, පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසුවේ.

මේ අතර අද (21) පස්වරු 4.00 වනවිට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිටින සියලුම ඡන්දදායකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දෙන බවයි පහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44