ඡන්ද පත්‍රිකාව ඉරාදමා ඡන්දදායකයා මධ්‍යස්ථානයේ යකා නටලා

ඡන්ද මධ්‍යස්ථානයක් තුළ දී ඡන්ද පත්‍රිකාව ඉරාදැමූ පුද්ගලයෙක් වාද්දූව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්වන අතර, මෙම පුද්ගලයා අද (14) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පොතුපිටිය පූජාරාමය විහාරාස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම පුද්ගලයා දේශපාලන පක්ෂයකට ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව මනාප සලකුණු කිරීම සඳහා එහි කණ්ඩායම් නායකයාගේ අංකය මැතිවරණ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.

එම අවස්ථාවේ දී එම නිලධරීන් එම අංකය දැනුම්දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඡන්දය සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඉරාදමා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඉරාදමනු ලැබූ ඡන්ද පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානය භාර නිලධාරියා භාරයට ගෙන ඇති අතර, එලෙස කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04