ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණයේ වැඩිවීමක් – මැතිවරණ කොමසාරිස් (වීඩියෝ)

මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාවේ වැඩිවීමක් සිදුව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව පසුගියවර 1713 වූ ගණන් කිරීමේ මධ්‍යස්ථාන මෙවර 20345ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොමසාරිස්වරයා පැවසුවේ.

මෙම මැතිවරණයේ දී මනාප ගණන් කිරීමක් සිදුවන බැවින් මනාප ගණන් කිරීමේ පහසුව සඳහා මෙලෙස ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඉහළ දැමීමක් සිදුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මානප ගණන් කිරීමේ පහසුව සඳහා සෑම ගණන් කිරීමේ ශාලාවකටම ලැබෙන ඡන්ද සංඛ්‍යාව 10,000ට 12,000ත් අතර සංඛ්‍යාවකට සීමාකර ඇති බව ද කොමසාරිස් ජනරාල් පැවසුවා.

මේ අතර අද (13) පෙරවරු 7.00ට ආරම්භ කළ ඡන්ද පෙට්ටි සහ ලිපිද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු මධ්‍යහන 12.00 පමණවන විට අවසන් කළ හැකි බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ඒ, අනුව පස්වරු 2.00 පමණ වනවිට ඡන්ද විමසීමේ පෙරහුරු සියල්ල අවසන් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04