ඡන්දෙ ඉල්ලන්න ගිය ජවිපෙ අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්

ගල්ගමුව මිගලෑව ප්‍රදේශයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට එක්ව සිටි ජාතික ජන බලවේගයේ අපේක්ෂකයකුට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ප්‍රචාරක කටයුතු සඳහා නිවසකට ගිය අවස්ථාවේදී නිවෙස් හිමියා විසින් අපේක්ෂකයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ ගල්ගමුව ප්‍රාදේශීය සභාව සඳහා නාම යෝජනා ලබාදී ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක්. ඔහු සිය ආධාරකරුවන් සමග අදාළ නිවසට ගොස් ඇති අතර එහිදී ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව නිවෙස් හිමියා තියුණු ආයුධයකින් අපේක්ෂකයාට පහරදී තිබෙනවා.

තුවාලකරු මිගලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

පහරදීමට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ තුවාලකරුගේ තත්ත්වය යහපත් නොවන බවට නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුවයි.

පහරකෑමට ලක්වූ අපේක්ෂකයා සමග පැමිණි ආධාරකරුවෙකු සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූවා.

“අපි ඒ ගෙදරට ගියාට පස්සේ මේ පුද්ගලයා දිගින් දිගටම අපිටත් අපේ පක්ෂයටත් බැනගෙන බැනගෙන ගියා. පරණ දේවල් 88, 89 කාලේ දේවල් ඇදගෙන තමයි බැන්නේ…අපි කිව්වා ඒවා දැන් කතා කරලා වැඩක් නෑ දැන් වෙනස් ගමනක් අපි යන්නේ කියලා. නමුත් මේ පුද්ගලයා ඒ කියන දේවල් අහන් නැතුව දිගින් දිගටම අපිත් එක්ක රණ්ඩුවට ආවා. අපේ අපේක්ෂක තුමාගේ බෙල්ලෙන් මේ පුද්ගලයා ඇල්ලුවා ඊට පස්සේ පස්සේ ඒකෙන් බේරෙන්න ඕන නිසා පුද්ගලයාව තල්ලු කරා. තල්ලු කරාට පස්සේ එයා බිමට වැටුණා. අපි යන පිටි පස්සෙන් ඇවිල්ලා මේ පුද්ගලයා පොල් පිහියක් අරන් අරන් අපේක්ෂක තුමාගේ මූණට ඇන්නා…

මේ අතර පහරදීමට සම්බන්ධ සැකකරුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ ඡන්දය ඉල්ලා පැමිණි අපේක්ෂකයා තම සැමියාට පහරදුන් බවයි.

ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා නොදෙන බවට සැමියා ප්‍රකාශ කිරීම සමග ඇතිවූ බහින්බස් වීමක් මත එම පහරදීම සිදුවූ අතර සැමියා එම ප්‍රහාරයෙන් බිම ඇද වැටුණු බවයි බිරිඳ සඳහන් කළේ.

තම සැමියා පෙදරේරු රැකියාවේ නිරතවන අතර මේ දිනවල පොල් කැඩීමෙන් ජීවිකාව ගෙනයන බව ද ඇය ප්‍රකාශකර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිගලෑව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

  1. MOKA MONA PAKSHAYEN CANVESSING GIYATH GAMAKATA KANA SIZE EKAK THIYENNE. JANATHAWATA SANWEDI DUPPATHA GENA HITHANA DARUWAN GE ADHYAPANAYA ANAGATHAYA GENA SITHANA RATA WENUWEN WESESA WELA DAN MAHALU WAYASATA GIYA AYA GENA HITHANA EKAMA PAKSHAYAK WATH NATHI BAWA DAN MINISSU DANNAWA. APINAM OKA DANNE 1977 N PASSE



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18