spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“ඡන්දය තියන්න බලකරන්න” – සජබ මන්ත්‍රී හර්ෂණගෙන් යුරෝපා සංගමයට සන්දේශයක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලකරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද යුරෝපා සංගමයේ මෙරට කාර්යාලයට ගොස් සංදේශයක් බාර දුන්නා.

එමගින් ඔහු ඉල්ලා සිටින්නේ මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය ආරක්ෂා කර දීමට රජයට බලපෑම් කරන ලෙසටයි.

මාර්තු 9 ඡන්දය බලාපොරොත්තුවෙන් මහජනතාව මෙන්ම දේශපාලන පක්ෂ මැතිවරණ කටයුතුවල නියැලෙන නමුත් රජය විවිද චක්‍රලේඛ නිකුත් කරමින් එය පැවැත්වීම කල් දමන බවට මන්ත්‍රීවරයා අදාල සංදේශය මගින් යුරෝපා සංගමය දැනුවත් කරනවා.

මැතිවරණය කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය මෙරට සියලූ තානාපතිවරුන් හා ජාත්‍යන්තර නියෝජිත ආයතනය දැනුවත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඔවුන් මේ වනවිට එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ,ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක් මේ කරුණ සම්බන්දයෙන් දැනුවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?