spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චෝදනා ඔප්පු වී නැහැ – වෛද්‍ය ෂාෆි යළිත් කුරුණෑගල රෝහලට

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් කර ඇති බැවින් ඔහු යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කරන ලෙසට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවට දැනුම් දෙන්නේ වෛද්‍ය ෂිහාබ්දීන්ට එල්ල වී ඇති චෝදනා ඔප්පු වී නොමැති බවයි.

වෛද්‍ය ෂාෆි මහාම ක්‍රියාත්මක වන පරිදි නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත අනුයුක්ත කිරීමට සහ එම නියෝගය අනුව කටයුතු කර තමා වෙතට වාර්තා කරන ලෙසටයි රාජ්‍ය සේවා කොමිෂන් සභා සෞඛ්‍ය කමිටුවේ ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී ඇත්තේ.

Shafi Letter1
Shafi Letter2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?