spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චෝදනා එල්ල වූ ඇමතිවරුන් පිරිසක් ඉල්ලා අස්වෙයි

ජපානයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙක් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ වසර පහකට ආසන්න කාලයක් යෙන් මිලියන 500ක පමණ මුදලක් ඔවුන් විසින් වෙනත් ගිණුම්වල තැම්පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

අමාත්‍යවරුන්ට මෙලෙස චෝදනා එල්ල වීමත් සමග ෆුමියෝ කිෂිඩාගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ද අඩුවෙමින් පවතින බවයි සදහන් වන්නේ.

එරට මාධ්‍ය සඳහන් කළේ අරමුදල් රැස්කිරීමේ දී සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් සඳහන් වීමෙන් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි.

යෙන් 500m (£ 2.8m; $ 3.4m) ට වඩා වැඩි මුදලක් 2022 දක්වා වසර පහක කාලයක් තුළ අවසන් වී ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

ප්‍රධාන කැබිනට් ලේකම් සහ රජයේ ඉහළ ප්‍රකාශක Hirokazu Matsuno, අමාත්‍යවරුන් හතර දෙනාගෙන් වඩාත් ප්‍රමුඛයා වනවා. ආර්ථික හා කර්මාන්ත අමාත්‍ය යසුතොෂි නිෂිමුරා, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජුන්ජි සුසුකි සහ කෘෂිකර්ම අමාත්‍ය ඉචිරෝ මියෂිතා ද බ්‍රහස්පතින්දා ඉල්ලා අස්වුවන් අතර වනවා.

හිස් වූ ඇමති ධුරවලට පත් කෙරෙන පිරිස මෙතක් නම් කර නැහැ.

මීට අමතරව, හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ නායකත්වයෙන් යුත් එම පාර්ශවයේම ජ්‍යෙෂ්ඨ උප ඇමතිවරුන් පස් දෙනෙකු සහ පාර්ලිමේන්තු උප ඇමතිවරයෙකු ද ඉල්ලා අස්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?