චොකා මල්ලිගේ නීතියම රන්ජන්ටත්..? පාර්ලිමේන්තු එන්න අවසර ඉල්ලයි.. තීන්දුව දින 03කින්..

රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරනයට අභියාචනා 02 ක් ඉදිරිපත් කර ඇති නිසා පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්විම් වලට සහභාගිවිමට අවස්ථාව ලබා දුන් ආකාරයෙන් රන්ජන් රාමනායක මහතාට ද පාර්ලිමේන්තු රැස්විම් සඳහා සහභාගිවිමට අවස්ථාව ලබාදෙන්නැයි විපක්‍ෂ නායක කාර්්‍යාලයේදි පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඔහු එහිදී මෙම අදහම් පල කලේය.

පෙබරවාරි 09 වෙනිදා රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් කථානායකතුමා නියෝගයක් ලබාදිමට නියමිතයි. ඔබ සියළුදෙනා දන්නවා පේ‍්‍රමලාල් ජයසේකර මන්තී‍්‍රතුමා වෙනුවෙන් කථානායකතුමා නව සංස්කෘතියක් ආරම්භ කරාග ඒ තමයි මිනිමැරුම් චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට පැමිණිමට අවසර ලබා දුන්නා.
කථානායකතුමාගේ තීරණයට පදනම් වුයේ පේ‍්‍රමලාල් ජයසේකර මහතා එම නඩු තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කිරිම හේතුවෙන් එම අභියාචනාධිකරන තින්දුව ලැබෙනතුරු පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අයිතිය ඇති බවයි. අද අපේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය හා නීතිය දෙස බලන විට යම් කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉදගන්නවාද, දිවුරුම් දෙනවාද යන්න තිරණය කරන්නේ කථානායකතුමා. අධිකරණයටවත්, නිතිපතිටවත් ඒ සම්බන්ධයෙන් තින්දුවක් ලබාදෙන්න බෑ.

අද අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ පේ‍්‍රමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන්වන්න සාධකය වූ පදනමම පාවිච්චි කරලා රන්ජන් රාමනායක මන්ති‍්‍රවරයාත් පාර්ලිමේන්තුවට ගෙන්වන්න කියලයි. මොකද රන්ජන් රාමනායක මන්ති‍්‍රවරයා අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවාග 4(2) වගන්තිය යටතෙයි එම අභියාචනය ඉදිරිපත් කර තිබෙන්ෙන්ග එමගින් කියවෙන්නේ ඕනැම පුද්ගලයෙකුට එකවතාවක් හෝ අභියාචනයක් ලබාදිය යුතුයි යන්නයි.

අධිකරණ ක්‍ෂේත‍්‍රය තුල රන්ජන් රාමනායක මහතාගේ එම තීන්දුව සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා ඒ වගේම එතුමාගේ මන්ති‍්‍රධුරයත් රැකගැනිම සම්බන්ධයෙන් රිට් ආඥාවක් :රිට් අංක 52/2021* අපේ රටේ ව්‍යවස්ථාව අනුව අංක 118 යටතේ ඉල්ලා තිබෙනවාග එම නිසා අපි කථානායකතුමාට කියන්නේ පේ‍්‍රමලාල් ජයසේකර මහතා අභියාචනයක් ඉදිරිපත් කිරිම හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තු රැස්විම් වලට සහභාගි වෙන්න අවස්ථාව ලබාදුන්නා සේ රන්ජන් රාමනායක මහතාට ද එම අවස්ථාව ලබාදෙන ලෙසයි.

මේ කාරනා සියල්ලටම අමතරව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කර තිබෙනවා රන්ජන් රාමනායක මහතාගේ මන්ති‍්‍රධුරය අහිමි වන්නේ මාස 06 කින් පසු බව. එම නිසා අපි කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා රන්ජන් රාමනායක මහතාට පෙබරවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට සහභාගිවිමට හැකි තින්දුවක් ලබාදෙන්න කියලා. මොකද කථානායකතුමා නියෝජනය වෙන්නේ පාර්ලිමේන්තුවෙහි සියළු මන්ති‍්‍රවරු වෙනුවෙන්ග ඔහු ආණ්ඩුවේ කථානායකවරයා නෙවෙයිල ඔහු පාර්ලිමේන්තුවේ කථානායකවරයායි. එම නිසා කථානායකවරයාට වගකිමක් තිබෙනවා තීන්දු ලබාදිමේදි ආණ්ඩුපක්‍ෂයට මෙන්ම විපක්‍ෂයටද සමබරව තින්දු ලබාදිමට.

ඒ වගේම උසාවියට අපහාස කිරිමේ නිතිය අපේ පාර්ලිමේන්තුවේ සම්මත ෙවලා නෑ. බොහෝ රටවල් වල (ඉන්දියාව, එංගලන්තය) උසාවියට අපහාස කිරිමේ නීති සම්මත කර තිබුනත් අපේ රටේ එය සිද්ධ වෙලා නෑ. එම නිසා සමගි ජන බලවේගය දැනටමත් නිතිඥ මහත්වරුන් ගණනාවකට භාරදිලා තිබෙනවා අධිකරණයට අපහාස කිරිමේ නිතිය සකස් කිරීමටග එම කාර්්‍යයෙන් පසු පාර්ලිමේන්තුවට පෞද්ගලික පනතක් වශයෙන් එය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

– මාධ්‍ය ඒකකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23