ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලක් තුළ දී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනෙක් ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලිසිය විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ බොරැල්ල කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් තුළදියි,
පහර කෑමට ලක්වූ තරුණිය පසුගිය 18 වනදා එම වෙළඳසැල තුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
බොරැල්ල පොලිසියේ විසිනුයි පරීක්ෂණ සිදු කරන්නේ.














හොදම වැඩේ
හොරකම් කෙරුවා නම්, කරන්න දෙයක් නැහැ. ගුටි කන්න වෙනවා.
ඔය ගෑණි අනිවාර්යයෙන්ම පුරුද්දට හොරකම් කරන නිසා තමයි ඔය විදියට සේවකයන් ගැහුවේ.
සමහර ගෑනු ඉන්නවා, වෙළඳසැල් වලින් හොරකම් කරන්න විශේෂයෙන්ම හොර සාක්කු දාලා මහපු සායවල් ඇඳ ගෙන වෙළඳසැල් වලට එනවා.
ඔය ගෑණි ඒ දවසේ හොරකම් කරලා අහු නොවී බේරිලා ගියා නම්, ඊට පස්සේත් දිගින් දිගටම ෆුඩ් සිටි එකට විතරක් නෙවෙයි, කීල්ස් සුපර් ඇතුළු අනෙකුත් සුපිරි වෙළඳ සැල් වලට විතරක් නෙවෙයි, පොඩි සිල්ලර කඩ වලටත් යනවා “හොරකම් කරන්නම”.
අසේල සම්පත් මහත්තයා මේ රටේ පාරිභෝගිකයන් වෙනුවෙන් කරන සේවය අගය කරනවා.
හැබැයි ඔය ගෑණි නීත්‍යානුකූල පාරිභෝගිකයෙක් නෙමෙයි. ඒ නිසා අසේල සම්පත් හෝ මොනම අයෙකුටවත් ඇයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න බැහැ.
ඔය වගේ ගෑනු, සල්ලි දීලා භාණ්ඩ නොගන්නා නිසා, තමුන්ට ඕන දේ සහ අනවශ්‍ය හැම දෙයක්ම, චොක්ලට්, චීස්, සෝසේජස්, කේක්, බිස්කට්, වගේ දේවල් පවා හොරකම් කරනවා. පිටරටින් ආනයනය කල කුඩා චොකලට් එකක් රු.3000 වඩා වැඩි. ඒ වගේ දෙයක් හොරකම් කරනවා කියන්නේ, එදා දවසේ මුළු බිස්නස් එකම ඉවරයි.
ආයතනයක් පවත්වාගෙන යන්නේ රටේ බහුතරයක් නීත්‍යානුකූල පාරිභෝගිකයන්ට සේවය සපයන්න මිසක්, කොහේවත් ඉන්න ගෑණියෙක්ට සැරින් සැරේ ඇවිත් මුළු මාසෙටම ඇති වෙන්න බඩු හොරකම් කරන්න නෙමෙයි.
ඔය හැම නගරයකම තියෙන FOOD CITY, Keells Super තියෙන්නේ මාස්පතා ලක්ෂ 50-80 කුලියට ගත්ත ගොඩනැගිලි වල. මාස් පතා ලක්ෂ 10 විතර සේවක වැටුප් ගෙවන්න ඕනේ හැම සුපිරි වෙළඳසැල් ශාලාවකට, ලක්ෂ ගණනක් විදුලි බිල්, ජල බිල්, සෙකියුරිටි නිලධාරීන්ව සපයන ආයතන වලට ලක්ෂ ගණනක් ගෙවන්නේ කසනවට නෙවෙයි.
අසේල සම්පත් මහත්තයා හෝ ඔය ගෑණි වෙනුවෙන් උද්ඝෝෂණ කරන අයගේ සිල්ලර කඩයකින් ඔය ගෑණි හැමදාම පුරුද්දට ඇවිත් දහස් ගණනක් වටිනා චොක්ලට් එකක් රෙද්ද අස්සේ ගහගෙන ගියොත්, අසේල සම්පත් මහත්තයා, ගෑනිගේ රෙදි ගලවනවා නෙමෙයි, අඬු කඩලා යවන්නේ.
මට CARGILL’S FOOD CITY ද, KEELLS SUPER ද, SOFTLOGIC GLOMARK ද, එහෙමත් නැත්නම් වෙනත් සුපිරි වෙළඳ සැල් ජාලයක්ද, එහෙමත් නැත්නම් ගමේ පෙට්ටි කඩයක්ද කියලා අදාල නැහැ.
ඔය ගෑණිට ගහපු එක 100% නිවැරදි.
බොහෝ විට, ඔය පලමු වතාව නෙවෙයි. ඔය ගෑණි පුරුද්දට ඇවිත් හොරකම් කරන එක කාලයක් තිස්සේ නිරික්ෂණය කරලා තමයි අල්ලා ගන්නේ. ඒ වෙනකොට ඔය ගෑණි රුපියල් ලක්ෂයක් ඉක්මවා බඩු හොරකම් කරලා.
අසේල සම්පත් මහත්තයා, ෆුඩ් සිටි හංවැල්ල ශාඛාව ලඟ නෙවෙයි, ඔය හොරා කාපු ගෑනිගේ ගේ ඉස්සරහ උද්ඝෝෂණ කරලා මේ රටේ නීත්‍යානුකූල පාරිභෝගික ආයතන රැකලා දෙන්න, මේ රටේ ඉන්න නීත්‍යානුකූල පාරිභෝගිකයන් වෙනුවෙන්.
අපේ රටේ එවුන්ට නීත්‍යානුකූල ආයතනයක් සහ සාධාරණ විදිහට සොච්චම් පඩියකට රැකියා කරන අහිංසක සේවකයන් ගැන නැති කැක්කුමක් හොරකමේ යන එවුන් ගැන තියෙන්නේ.
හොරෙකුට අයිතිවාසිකම් නැහැ. නිවැසියෙකුට හෝ ආයතනයක හිමිකරුවෙකුට තමුන්ගේ ජීවිත සහ තම දේපල වල ආරක්ෂාව වෙනුවෙන් මංකොල්ලකරුට ශාරිරිකව අනතුරක් කරන්න පුළුවන්. හොරකමේ එන එකා ඒ සියලු අවදානම් දරන්න සුදානම් වෙලා තමයි හොරකමේ යන්න ඕනේ.
මිනිස්සු හොරකම් කරනඑක තවත් වැඩිවෙයි අතේ සල්ලි නැතිවෙනකොට. වට්ටපු රටක ඔහොම වෙනඑක අරුමයක් නෙමේ. හොරාට දඩුවම් දෙන්න ඕන නීති ආයතනයකින් මිසක් නීතිය අතට අරගෙන නෙමේ. ගහපු උන්ට දඩුවම් දියයුතුමයි තියන ලොකුකමට. දැං හරිනේ……..👍👍👍