චෙන්නායි හිදී ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකට යටකර මරා දාලා

චෙන්නායි කොයම්බේඩු ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක දී 18 හැවිරිදි ශ්‍රී ලාංකික දෙමළ සරණාගත තරුණියක් මියගොස් තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් චෙන්නායි පොලිසිය විසින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස්, තරුණයින් පිරිසක් විසින් මෝටර් රථයක්, යතුරුපැදියක හිතාමතාම ගැටීමට සැලැස්වීමෙන් මෙම තරුණිය මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මියගිය ‘යැන්සි’ නැමැති තරුණිය විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ සරණාගත කඳවුරක ජීවත්ව සිට ඇති අතර, ඇය මැයි 30 වන දින චෙන්නායි වෙත පැමිණ ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් මඟින් හදුනාගත් කාන්තාවක් හමුවීමට බව සඳහන්.

එම හමුවෙන් පසු ‘යැන්සි’ ඇගේ මිතුරන් සමඟ සෙනසුරාදා රාත්‍රියේ කොයම්බේඩු හි පෞද්ගලික හෝටලක පිහිටි බාර් එකක් වෙත ගොස් ඇති අතර, එහිදී ඔවුන් පිරිස සහ තවත් පාර්ශවයක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී බාර් එකේ සිටි බවුන්සර්වරු මැදිහත් වී දෙපාර්ශවයම එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, පසුව දෙපාර්ශ්වයම හෝටලයෙන් පිට මාර්ගයේ ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ‘යැන්සි’ සහ ඇගේ මිතුරන් යතුරුපැදි තුනකින් පිටව යන අතරතුර, අනෙක් පාර්ශවයේ අයෙකු මෝටර් රථයකින් ඔවුන් පසුපස හඹා ගොස් ඔවුන්ව අනතුරට ලක්කර තිබෙනවා.

අනතුරෙන් යැන්සි’ එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, ඇය සමඟ යතුරුපැදියේ ගමන් කළ තවත් ගැහැණු ළමයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30